Monday, January 5, 2026
Homeදේශීයකොළඹ කොටුව සිට හලාවත දක්වා දුම්රිය ධාවනය අද සිට යළි ඇරඹේ

කොළඹ කොටුව සිට හලාවත දක්වා දුම්රිය ධාවනය අද සිට යළි ඇරඹේ

පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව හා හලාවත අතර දුම්රිය ධාවන කටයුතු අද (29) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පසුගියදා පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් කුඩාවැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර කඩුපිටිඔය හරහා පවතින දුම්රිය පාලම අසල දුම්රිය මාර්ග කොටස සෝදාගෙන යාම නිසා කොළඹ කොටුව සිට හලාවත සහ පුත්තලම දක්වා දුම්රිය ධාවනය අත්හිටුවා තිබුණි.

එම සිද්ධියෙන් පසුව ආපදාවට ලක් වූ දුම්රිය මාර්ග කොටසෙහි අලුත්වැඩියා කටයුතු සම්පූර්ණ කර ඇති බැවින් අද සිට එම මාර්ගයේ සාමාන්‍ය දුම්රිය ධාවනය නැවත ආරම්භ කරන බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දුම්රිය ධාවනය අත්හිටුවා තිබූ කාලය තුළ හලාවත දුම්රිය ස්ථානයේ ගාල් කර තිබූ දුම්රිය කට්ටල පහක් ධාවනයට යොදාගත නොහැකි වූ අතර, එම මාර්ගයේ දුම්රිය ධාවනය නාත්තන්ඩිය දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා වී තිබුණි.

අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව අද සිට හලාවත දක්වා දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවද දුම්රිය දෙපාර්තමේන්තුව තහවුරු කළේය.

එමෙන්ම, කොළඹ කොටුව සහ මීගමුව අතර උදෑසන සහ සවස කාලයේ දුම්රිය ධාවනයද සාමාන්‍ය පරිදි සිදුකරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments