කොළඹ ප්රදේශ කිහිපයකට සතිඅන්තයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව, සෙනසුරාද (18) රාත්රී 11.00 සිට ඉරිදා (19) උදෑසන 8.00 දක්වා පැය 9ක කාලයක් කොළඹ 09, 10, 11, 12, 13 සහ 14 යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
එම මණ්ඩලය පැවසුවේ, නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුමට බාධා සිදුකෙරෙන බවය.