Monday, December 22, 2025
Homeදේශීයකොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගය යථාතත්ත්වයට

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය යථාතත්ත්වයට

පස් කන්දක් කඩා වැටී අවහිර වී තිබූ කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ග මේ වනවිට යථා තත්ත්වයට පත්ව තිබේ. එය අද (10) අලුයම 1ට පමණ මාර්ගය යළි විවෘත කර තිබේ.

හපුතලේ – බෙරගල අතර විහාරකැලේ ප්‍රදේශයේ දී ඊයේ (09) රාත්‍රී 8ට පමණ ප්‍රධාන මාර්ගයට පස් කන්ද සමග විශාල ගසක් ද කඩා වැටී මාර්ගය අවහිර වුණි.

ඒ හේතුවෙන් අධිබලැති විදුලි රැහැන්වලට පවා හානි සිදුවු අතර පැය 4ක පමණ කාලයක් මාර්ගය වැසී තිබුණි.

පසුව මාර්ග සංවර්ධන අධිකාරිය, විදුලිබල මණ්ඩලය හල්දුම්මුල්ල හා හපුතලේ පොලීසි එක්ව මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමට යුහුසුළුව කටයුතු කෙරුණි.

මෙම ප්‍රදේශය අධික බෑවුම් සහිත මාර්ගයක් වන අතර, මේ දිනවල පවතින මීදුම් තත්ත්වයෙන් මාර්ගය වැසී ගොස් ඇති බව ද අප වාර්තාකරු පැවසීය.

එමෙන්ම තවදුරටත් මාර්ගයට පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශයෙන් රිය ධාවනය කරන විට සැලකිලිමත් වන ලෙස ද හපුතලේ පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments