Wednesday, October 22, 2025
Homeසියලුම පුවත්කොළඹ මහානාම විදුහලේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා දරුවන් තිදෙනකු බරපතළ අපයෝජනයකට ලක්කරලා! විදුහල්පති...

කොළඹ මහානාම විදුහලේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා දරුවන් තිදෙනකු බරපතළ අපයෝජනයකට ලක්කරලා! විදුහල්පති හෝ ගුරුවරුන් කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නෑ! — විපක්ෂ නායක

කොළඹ මහානාම විද්‍යාලයේ ඉගෙන ගන්නා ළමුන් තිදෙනෙක් එම විදුහලේ ස්ථානභාර ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් ඔක්තෝබර් 4 සෙනසුරාදා බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බවට වාර්තා වන බවත් මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයා හෝ ආචාර්යවරුන් හෝ අපයෝජනයට ලක් වූ දරුවන් ගැන පැහැදිලි පියවරක් ගෙන නොමැති බවත් වෛද්‍යවරුන් වෙත යොමු කිරීම හෝ අදාළ ආරක්ෂක ආයතනය පිළිබඳව මෙන්ම මේ අපයෝජනය සිදු කළ පාපතරයා සම්බන්ධයෙන් පියවරක් ගෙන නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගුරුවරුන් දෙපලක් මේ ගැන කියන විට විදුහල්පතිවරයා තර්ජනය කර ඇති බවත් මේ ගැන පැමිණිලි සිදු කිරීමට ගිය විට දරුවන් උසාවි ගානේ ගෙනියන්න වෙයි නඩු වසර ගණනාවක් විය හැකි බවට දෙමාපියන් බිය වද්දවා ඇති බවත් පාසල ඉදිරිපත් උද්ඝෝෂණයක් පවා මේ විට පවත්වන්න කැඳවා ඇති නිසා මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වා මොවුන්ට ආරක්ෂාව රැකවරණය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් මේ සංවේදී කාරණාව ගැන සොය බලන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ පාපතරයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් කිසිදු බලපෑමකට යටත් නොවී කරුණු සොයා බලා කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments