Friday, January 16, 2026
Homeදේශීයකෝටි 50ක කුෂ් කටුනායකදී අත්අඩංගුවට

කෝටි 50ක කුෂ් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි 50කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

තායිලන්තයේ බැංකොක් නුවර සිට අද (06) උදෑසන කටුනායක වෙත පැමිණි මෙම සැකකරුවන්, ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත හරහා පිටවීමට උත්සාහ කළ අවස්ථාවේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

අත්අඩංගුවට පත් වූ පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව සඳහන් වන අතර, ඔවුන් සතුව තිබූ ගමන් මළු පරීක්ෂා කිරීමේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 50ක් සොයාගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය මෑත කාලයේ කටුනායක ගුවන්තොටුපොළෙන් හමුවූ ප්‍රමාණයෙන් විශාලතම හා වටිනාකමින් ඉහළම මත්ද්‍රව්‍ය තොගය බවද වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉන්දියාවේ මුම්බායි නුවර පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, ඔවුන් සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments