මහනුවර, හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් විනාශ වී මිනිස් පරිභෝජනයට නොසුදුසු සහල් වෙළඳපොලට සැපයීමට සූදානම් කළ සැකකරුවන් කිහිපදෙනෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අනාවරණය කර නීතිය ක්‍රියාත්මක කර තිබේ.
මෙම අවස්ථාවේදී මිනිස් පරිභෝජනයට අනිවාර්යයෙන් නොසුදුසු සහල් කිලෝග්‍රෑම් 1,000ක් අලෙවි කිරීමට සූදානම් කර තිබුණා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මේ දිනවල මිලදී ගන්නා සහල් පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කිරීම සහ නීති විරෝධී ක්‍රියා පිළිබඳ තොරතුරු තිබේ නම්, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත වහාම දැනුම් දීමටය.
ගංවතුරෙන් විනාශ වූ සහල් වෙළඳපොලට සැපයීමේ ජාවාරමක් අනාවරණය

