Saturday, November 22, 2025
Homeසියලුම පුවත්ගණේමුල්ල සංජීව ඝාතනය: සැකකරුවන් දෙසැම්බර් 05 දක්වා තවදුරටත් රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතනය: සැකකරුවන් දෙසැම්බර් 05 දක්වා තවදුරටත් රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධව රිමාන්ඩ් භාරයෙන් පසුවන වෙඩික්කරු සහ අනෙකුත් සැකකරුවන් තවදුරටත් දෙසැම්බර් 05 වනදා දක්වා බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

මෙම නඩුපැමිණිල්ල අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අතර, බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් සූම් මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවලදී කොළඹ අපරාධ කොට්ඨාශය තවදුර විමර්ශන කරමින් සිටින බවත්, රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් දෙදෙනෙකුගෙන් ලබාගත් ප්‍රකාශ මත වැඩිදුර තොරතුරු ගනී බවත් ද සඳහන් කළේය.

එමෙන්ම වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් විභාගයට ලක්ව සිටින සුපුන් ප්‍රදීප් කුමාර නම් පුද්ගලයා මෙම නඩුවේ 35 වන සැකකරු ලෙස නම් කිරීමටත් ඔහු නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමටත් අධිකරණය අවසර දී ඇත.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු තවත් සැකකරුවන් තුන්දෙනා ගැන CID මගින් පවත්වාගෙන යන විමර්ශන සම්බන්ධයෙන්ද අද අධිකරණයට වාර්තා ඉදිරිපත් කර තිබේ.

සියළු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සිද්ධිය පිළිබඳ විමර්ශන ප්‍රගතිය වාර්තා කිරීම සඳහා නව දිනයක් ලබා දෙන අතර, සැකකරුවන් දෙසැම්බර් 05 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments