ගල්කිස්ස මංසන්ධියේදී අද (15) අලුයම 1.15ට පමණ බස් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කරමින් තිබූ, වන්දනා ගමනකින් නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් සහ මෝටර් රථයක් මෙලෙස එකිනෙකා ගැටී ඇත.
අනතුරින් මෝටර් රථයට බරපතළ හානි සිදුව ඇති අතර එහි ආරක්ෂිත බැලූන (airbags) ක්රියාත්මක වීම හේතුවෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැති බව වාර්තා වේ. 🚗🚌
ගල්කිස්ස මංසන්ධියේ බස්-කාර් අනතුරක්

