Thursday, March 5, 2026
Homeදේශපාලනග්‍රාම නිලධාරීණියකට තර්ජනය කළැයි මාලිමා ප්‍රාදේශීය දේශපාලනඥයෙක් අත්අඩංගුවට

ග්‍රාම නිලධාරීණියකට තර්ජනය කළැයි මාලිමා ප්‍රාදේශීය දේශපාලනඥයෙක් අත්අඩංගුවට

ග්‍රාම නිලධාරීණියකට බැන තර්ජනය කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත ජාතික ජන බලවේගය පුත්තලම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අද (26) අලුයම මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය සභාවට අයත් මංගලඑළිය කොට්ඨාසය නියෝජනය කරමින් තේරී පත්වූ මන්ත්‍රීවරයෙකු බව පොලීසිය සඳහන් කරයි.

පසුගිය 5 වනදා ආපදා රාජකාරි කටයුතු සඳහා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී අදාළ මන්ත්‍රීවරයා පැමිණි කුඩා ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇති අතර, එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා තමන්ට බැන වැදුණු බව ග්‍රාම නිලධාරීණිය පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් මුන්දලම ප්‍රාදේශීය ලේකම්වරිය ද දැනුවත් කළ බව ඇය සඳහන් කර ඇති අතර, ඉකුත් 8 වනදා පැවති ආපදා කමිටු රැස්වීමෙන් අනතුරුවද අදාළ මන්ත්‍රීවරයා දුරකථනයෙන් කතා කර බැන තර්ජනය කළ බවද පැමිණිල්ලේ සඳහන් වේ.

ලැබුණු පැමිණිල්ලට අනුව පොලීසිය විසින් කළ කැඳවීමකට අනුව මන්ත්‍රීවරයා අද පෙරවරුවේ මුන්දලම පොලීසියට පැමිණ ඉදිරිපත් වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments