ගාල්ල ප්‍රදේශයට අද (06) ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි.
අප වාර්තාකරු සදහන් කලේ, ගාල්ල – වක්වැල්ල මාර්ගය, ගාල්ල පොලිස් ස්ථානය අසලින් ජලයෙන් යටවී ඇති බවයි. මේ අනුව, ගාල්ල – වක්වැල්ල මාර්ගයේ ගමනා ගමනයට බාධා වී ඇත.
ගාල්ල ප්‍රදේශයට තවමත් වර්ෂාව ලැබෙමින් පවතින බවද වාර්තා වේ.

