ජාතික ජන බලවේගය බලය දරන ගාල්ල මහ නගර සභාවේ අද (24) පැවති අයවැය ඡන්ද විමසීම අතරතුර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර, එය පාලනය කිරීම සඳහා පොලිසිය කැඳවා ඇත.
සාමකාමී ලෙස ඡන්ද විමසීම පැවැත්වීමේ අරමුණින් මෙම පියවර ගත් බව නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
අද පැවති පළමු ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 21ක් ලැබී ඇති අතර, විපක්ෂයට ලැබී ඇත්තේ ඡන්ද 15ක් බව වාර්තා වෙයි.
කෙසේවෙතත්, විපක්ෂය එල්ල කළ විරෝධතා හේතුවෙන් යළි ඡන්ද විමසීමක් පැවැත්වීමට තීරණය කළ බව අප වාර්තාකරු සඳහන් කළා.

