Tuesday, December 23, 2025
Homeවිදේශීයගාසා තීරයට දරුණු ප්‍රහාරයක් - දරුවන් ඇතුළු 200කට අධික පිරිසක් මරුට

ගාසා තීරයට දරුණු ප්‍රහාරයක් – දරුවන් ඇතුළු 200කට අධික පිරිසක් මරුට

සටන්විරාම එකඟතා කඩකරමින් ඊශ්‍රායලය ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 200කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

සිය ඉලක්කය හමාස් සංවිධානය බවට ඊශ්‍රායලය පැවසුවත්, එම ප්‍රහාරවලින් දැනටත් සිවිල් වැසියන් ඇතුළු විශාල පිරිසක් මියගොස් ඇත.

පසුගිය ජනවාරි 19 වැනිදා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර අත්සන් තැබූ සටන්විරාම ගිවිසුමට පසු ගාසා වෙත එල්ල වූ දැවැන්තම ප්‍රහාරය ලෙස මෙම ප්‍රහාරය ඉතිහාසයට එක්වේ.

ගාසා හි සියලුම කලාප පාහේ ඉලක්ක කරගත් මේ ප්‍රහාරවලින් වැඩිම හානි සිදුව තිබුණේ දකුණු ගාසා හි ඛාන් යුනිස් වෙත සහ උතුරු ගාසා හි ගාසා නගරය වෙතය.

ගාසා බලධාරීන්ට අනුව ප්‍රහාරවලින් මියගිය පිරිස අතරට ළමයින් ද අයත්ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments