බෙංගාල බොක්ක මුහුදේ ගිනිකොනදිග ගැබුරු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (9) පෙරවරු 6ට මඩකලපුව වෙරළ තීරයෙන් කිලෝමීටර් 170ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබුණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.
එය වයඹ දෙසට ගමන් කරමින් සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරිමට ඉඩ ඇති බවද සඳහන් කරයි.
මෙම පීඩන අවපාතයේ බලපෑම නිසා උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි සහ තදසුළං තත්ත්වය වැඩිවීම බලාපොරොත්තු විය හැකිය.
අද (9) නිකුත් කළ නවතම කාලගුණ අනාවැකිය අනුව, අවදානම් ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇඟවීම් පිළිපැදීම සහ අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යොමු කරයි.





