Tuesday, February 17, 2026
Homeදේශීයගිනිඅවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ගිනිඅවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මුල්ලේරියාව, බාරොන් ජයතිලක මාවත ප්‍රදේශයේදී ගිනිඅවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබූ තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති බවය.

අත්අඩංගුවට ගැනීමේදී සැකකරු සතුව තිබී ඇතැයි සොයාගැනුණු වස්තු අතර විදේශ නිෂ්පාදිත පිස්තෝලයක්, එයට අයත් උණ්ඩ 9ක්, පතොරම් ගැබක්, සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13ක් ද ඇතුළත් වේ.

සැකකරු වයස අවුරුදු 43ක වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments