Friday, January 16, 2026
Homeදේශීයගිනිඅවි සහ මත්කුඩු සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට

ගිනිඅවි සහ මත්කුඩු සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට

ගිනිඅවි දෙකක්, රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමක් ඇති හෙරෝයින් මත්ද්‍රව්‍ය තොගයක් සහ ජීව උණ්ඩ සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කළුබෝවිල, විමලසාර මාවතේදී වන අතර, සැකකරු 70 හැවිරිදි අධිකාරිගේ සමන්ත පෙරේරා නොහොත් ‘චූව සමන්ත’ නමැත්තාගේ සමීපතමයෙකු බව වාර්තා වේ.

සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත, අංක 23263 දරණ බෝර 12 කාණු දෙකක් සහිත ගිනිඅවියක්, මෙරට නිෂ්පාදිත 9mm වර්ගයේ පිස්තෝල අවියක්, T56 වර්ගයේ උණ්ඩ 05ක්, 9mm උණ්ඩ 10ක් සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 255ක් පොලිස් භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments