Friday, January 16, 2026
Homeදේශීයගුවන්තොටුපොළේ අත්හැර දමාගොස් තිබූ ගමන් මලකින් කෝට් 11ක ‘කුෂ්’ මත්ද්‍රව්‍ය හමුවෙයි

ගුවන්තොටුපොළේ අත්හැර දමාගොස් තිබූ ගමන් මලකින් කෝට් 11ක ‘කුෂ්’ මත්ද්‍රව්‍ය හමුවෙයි

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්හැර දමාගොස් තිබූ ගමන් මලු සුරක්ෂිත ගබඩාවෙබඳුන් ඇතුළත සිට “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනියි.

ඊයේ (17) රේගු පිරිස විසින් භාරයට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රු. 113 මීලියන 670,000 ඉක්මවා යන බව සඳහන් වේ.

මෙම ගමන් මල්ල තායිලන්තයේ බැංකොක් සිට 2024 මාර්තු 17 දා ශ්‍රීලන්කන් යූඑල්-405 ගමගමගින් පැමිණි ගුවන් මගියෙකුගේ බවත්, ඔහු එය ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්හැර දමා ගොස් ඇති බවත් කියා සිටී.

අදාළ මල්ල මුලදී කටුනායක ගුවන් තොටුපොළේ අත්හැර දමන ලද ගමන් මලු ගබඩාවේ තබා ඇති අතර, පසුව එය කොළඹ වරායේ අත්හැර දමා ඇති භාණ්ඩ ගබඩාවට මාරුකර යවා ඇත.

මාස 9 ක් කිසිවෙකු භාරගත නොහැකි වූ නිසා, රේගු නිලධාරීන් මල්ල විවෘත කර පරීක්ෂා කිරීමේදී පොලිතීන් ඇසුරුම් තුළ සඟවා තිබූ කිලෝග්‍රෑම් 11.367 “කුෂ්” මත්ද්‍රව්‍ය හමුවිය.

මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments