අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ කෘෂිකර්‌ම ක්ෂේත්‍රයට සිදු වූ හානි හා වන්දි ගෙවීමේ වැඩපිළිවෙල සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ දිස්ත්‍රික්කවල නිවාස, මහාමාර්ග, කුඹුරු හා වගා භූමි ජලයෙන් යට වීමත්, වැව් අමුණු හා ඇළවේලි විශාල ප්‍රමාණයක් කැඩී යාමත් හේතුවෙන් මහජනතාවට විවිධ අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුවූ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව 2024-12-02 දින වන විට දිවයින පුරා දළ වශයෙන් කුඹුරු අක්කර 91,300 ක් පමණ පුර්ණ හානියට පත් වී ඇති අතර, කුඹුරු අක්කර 86,225 ක් පමණ අර්ධ හානියට ලක්ව ඇති බවද එහි සඳහන්.
පවතින වගා රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වී වගාව සඳහා උපරිම වශයෙන් හොක්ටයාර 02ක් (අක්කර 05) දක්වා අක්කරයකට උපරිම වශයෙන් රුපියල් 40,000/- හා හානි පූරණය ද, එසේම බඩ ඉරිඟු, අර්තාපල්, මිරිස්, ලොකු ලූණු සහ සෝයා බෝංචි යන බෝග වර්ග 05 සඳහා උපරිම වශයෙන් හෙක්ටයාර 01ක් (අක්කර 2.5ක්) දක්වා අක්කරයකට උපරිම වශයෙන් රුපියල් 40,000/-ක හානි පුරණයක් ද, 2025 වර්ෂය සඳහා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වෙත වෙන් කරනු ලබන ප්‍රතිපාදන වලින් ලබා දීමට ඉදිරියේදී කටයුතු සිදු කරනු ලබන බව සඳහන් කරමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගත් බව වැඩිදුරටත් සඳහන්.
අදාළ කැබිනට් තීරණය පහතින්.