Wednesday, February 11, 2026
Homeදේශපාලනගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට

ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත මේ වනවිට එවා ඇති බව දැනගන්නට ඇත.

සිංගප්පූරුවට ගොඩ බට වහා මෙම ලිපිය එවා ඇති බව වාර්තා වේ.

කථානායකවරයා මීට පෙර ප්‍රකාශ කළේ 13 වැනිදා රාත්‍රී 12ට පෙර අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදෙන බවට ජනාධිපතිවරයා තමන්ට පැවසූ බවයි.

මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවට ඇතුලු වීමට අවස්ථාව ලබාදී ඇත්තේ පෞද්ගලික සංචාරයක් සඳහා බව එරට විදේශ අමාත්‍යංශය පවසනවා.

ඔහු සරණාගත භාවය ඉල්ලා නොමැති අතර වෙනත් කිසිදු ආරක්ෂාවක් ද ලබාදී නොමැති බවයි එම අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ.
සාමාන්‍යයෙන් සිංගප්පූරුව සරණාගත ඉල්ලීම්වලට අවස්ථාව ලබා නොදෙන රටක් ලෙසට සැලකෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments