Thursday, February 6, 2025
Homeදේශීයඝාතන දෙකක්

ඝාතන දෙකක්

ඝාතන දෙකක්

රාගම – තලගොල්ල ප්‍රදේශයේ නිවසක දී ඊයේ (05) සවස කාන්තාවකගේ ගෙල කපා ගිනි තබා ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ 76 ක් වූ තලගොල්ල, රාගම ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

මරණකාරිය ඇයගේ ස්වාමි පුරුෂයා සමග නිවසේ පදිංචිව සිටින අතර ස්වාමි පුරුෂයා සිද්ධිය වන අවස්ථාවේදී රැකියාව සඳහා නිවසින් පිටව ගොස් සිට ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.

ස්වාමි පුරුෂයා නිවසට පැමිණ බිරිඳ පිළිබඳව සොයා බැලීමේදී ඇය මෙලෙස ඝාතනය කර ඇති බව දැක ඇති බව පොලීසිය පවසයි.

මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර ඊයේ අළුයම් වාලච්චේන, ඕමනියාමඩු ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇත.

මෙලෙස ඝාතනයකට ලක්ව ඇත්තේ වයස අවුරුදු 63 ක් වූ තිරුප්පලුකාමම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඥාති සහෝදරයින් දෙදෙනෙකු අතර පැවති පැරණි ආරවුලක් මත බහින්බස්වීමක් දුරදිග යාමෙන් පොලු මුගුරු වලින් එකිනෙකා පහරදී ගැනීමේදී මරණකරු එම ආරවුල සමථයට පත් කිරීමට යාමේදී පොලු පහරක් මරණකරුගේ හිසට වැදීමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන අනුව අනාවරණය වී ඇත.

ඝාතනයට සම්බන්ධ වයස අවුරුදු 19 ක් හා 26 ක් වන ඕමනියාමඩු හා මහුරුමුනේ ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments