මහා බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජුගේ බාල සහෝදරයා වන යෝර්ක් ආදිපාද ඇන්ඩෲ කුමරු, තම තනතුර අත්හැරීමෙන් පසු ‘කුමාරයා’ පදවිය අහිමි කර ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.
රජු විසින් නිකුත් කළ අණයකින් අනුව, මෙතැන් සිට ඔහු “ඇන්ඩෲ මවුන්ට්බැටන් වින්ඩ්සර්” ලෙස හඳුන්වනු ලැබේ.
ඒ අනුව, 2004 සිට ජීවත් වූ වින්ඩ්සර් මාලිගය ද ඔහු අත්හැර යාමට සිදුවේ.
ඇන්ඩෲ කුමරුට විරුද්ධව දිගින් දිගටම ළමා අපචාර චෝදනා එල්ල වී ඇති අතර, ජීවතුන් අතර නොමැති අමෙරිකානු ජාතික ජෙෆ්රි එප්ස්ටෙයින් සමඟ සබඳතා පැවැත් වූ බවටත් වාර්තා වී තිබේ.
ඒ හේතුවෙන් ඔහු මෙම මසදී යෝර්ක් ආදිපාද ධුරය අත්හැරීමට තීරණය කළේය.
ඇන්ඩෲ කුමරු පවසා ඇත්තේ, තමන්ට එල්ලවන චෝදනා හේතුවෙන් සහෝදරයා වන චාල්ස් රජුගේ කටයුතු සහ රාජකීය පවුලේ ගෞරවය ආරක්ෂා කර ගැනීම තමන්ගේ අවශ්‍යතාවය බවය.
තවද, පසුගිය වසරේදී ලැබුණු අධිකරණ තීන්දුවක් මගින් ඔහුගේ සමීප ව්‍යාපාරික සගයෙකු චීන ඔත්තුකරුවෙකු බව හෙළිවීමත්, ඔහුගේ තනතුර අත්හැරීමට තවත් හේතුවක් වී ඇත.
චාල්ස් රජුගේ අණින් ඇන්ඩෲ කුමරුගේ ‘කුමාරයා’ පදවිය අහිමි වෙයි

