Friday, January 16, 2026
Homeසියලුම පුවත්චීන තානාපති සජිත්ව හදිස්සියේම මුණ ගැහුනේ ඇයි. රටේ ඊළග නායක සජිත්?

චීන තානාපති සජිත්ව හදිස්සියේම මුණ ගැහුනේ ඇයි. රටේ ඊළග නායක සජිත්?

රටේ ඊළග නායකයව මුණ ගැහුණු චීන තානාපති.

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhon මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (11) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිණි.

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය පිලිබදව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබූ අතර මේ ව්‍යසනකාරී මොහොතේ ශ්‍රී ලංකාව වෙත සහෝදරත්වයේ දෑත් දිගු කරන ලෙස විපක්ෂ නායකතුමා චීන තානාපතිතුමාගෙන් ඉල්ලා සිටියේය.

විනිවිද පෙනෙන ලෙස රට පාලනය කිරීමත්, අල්ලස, දූෂණය, මර්ධනය මුලිනුපුටා දැමීම සිය පාලනයේ ප්‍රමුඛස්ථානය හිමිවනබව විපක්ෂ නායකතුමා පැවසීය.

ශ්‍රී ලංකාව වර්තමානයේ සිටින තත්ත්වයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් චීනයේ නොමසුරු සහයෝගය අත්‍යාවශ්‍ය බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ වෙනුවෙන් මැදිහත් වන ලෙසද තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ද එක්විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments