Thursday, February 12, 2026
Homeදේශපාලනජනපති ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන තබයි 

ජනපති ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන තබයි 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (11) දිනයේ දී සිය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා තිබෙනවා.

ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබෙන්නේ, ජූලි මාසයේ 13 වන දාට දිනය යොදා ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා ඇති බවයි.

ඒ් අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම, හෙට දිනයේ දී කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයා රටින් පිටව ගිය බවට කතානායකවරයා BBC යට සඳහන් කළද පසුව කතානායකවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා තවමත් රට තුළ සිටින බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments