Saturday, December 20, 2025
Homeදේශීයජනපති ප්‍රධානත්වයෙන් ‘Rebuilding Sri Lanka’ විශේෂ සාකච්ඡාවක්

ජනපති ප්‍රධානත්වයෙන් ‘Rebuilding Sri Lanka’ විශේෂ සාකච්ඡාවක්

‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ ආපදා හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය නැවත ගොඩනැගීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ හා එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (20) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී නිවාස පිරිසිදු කිරීම සඳහා රු.25,000ක් සහ ගෘහ උපකරණ සඳහා රු.50,000ක දීමනාව දෙසැම්බර් 31ට පෙර ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

නිවාස හා වගා හානි සඳහා වන්දි ගෙවීම්, ජනතාව නැවත පදිංචි කිරීම, ජීවනෝපාය යළි ගොඩනැගීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ සුරක්ෂිත මධ්‍යස්ථාන පිළිබඳ කටයුතු මෙහිදී විශේෂයෙන් සමාලෝචනය කෙරිණි.

වන්දි ලබාදීමේදී කිසිවෙක් අත්හැර නොයන ලෙස සාධාරණ සහ විනිවිදභාවයෙන් කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම මහ කන්නය සඳහා ගොවි ජනතාව සූදානම් කිරීම, ධීවර හා කුඩා ව්‍යාපාර යළි ආරම්භ කිරීම, හානි වූ සත්ව ගොවිපොළ සඳහා වන්දි ලබාදීම සහ පාසල් දරුවන්ට ලබාදෙන රු.15,000ක දීමනාව කඩිනමින් ලබාදී අවසන් කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments