Friday, December 12, 2025
Homeදේශීයජනපති සහ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අතර හමුවක්

ජනපති සහ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අතර හමුවක්

අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ හා අර්ධ හානියට පත් නිවාස හඳුනා ගැනීමේ ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයකට අනුව සිදු කිරීමට සහ වන්දි ලබා දීම සඳහා අවශ්‍ය නිවැරදි දත්ත කාර්යක්ෂමව රැස් කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සකස් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපතිවරයා සහ නිවාස සංවර්ධන අධිකාරිය, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) පෙරවරුවේ පැවැත්වුණි. මෙම හමුවේ ජනාධිපතිවරයා දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවාස සහ ඒ සඳහා ලබා දිය යුතු වන්දි පිළිබඳ ක්‍රියාවලිය සොයා බැලීමේ අරමුණින් උපදෙස් ලබා දී ඇත.

ජනාධිපතිවරයා අවධාරණය කළේ, අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව නැවත ව්‍යසනයකට ලක් නොවන පරිදි දීර්ඝ කාලීන විසඳුමක් ලබා දීමේ අවශ්‍යතාවය සහ නිවැරදි දත්ත හඳුනා ගැනීමයි.

සමීක්ෂණවලදී තහවුරු වී ඇති පරිදි, නිවාස 1,289ක් පූර්ණ හානියට සහ 44,574ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බව නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පෙන්වා දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments