Saturday, November 23, 2024
Homeසියලුම පුවත්ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩට දඩයක්

ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩට දඩයක්

බලපත්‍ර රහිතව ආරක්ෂක සේවා ස්ථානයක් පවත්වාගෙන ගෙන යාමේ චෝදනාවකට වරද පිළිගත් ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මියට රුපියල් 15,000ක දඩයක් ගෙවන ලෙස කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් පී. ඩී. පෙරේරා මහතා නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව පැමිණීල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින්.

නඩුව අධිකරණය හමුවේ විභාග වන අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසීටීම මත සැකකාර සේමිනී ඉද්දමල්ගොඩ මහත්මියට පසුගිය නඩු දිනයේදී වරෙන්තු නිකුත් වී තිබුණා.

ඒ අනුව ඊයේ (16) අධිකරණය හමුවේ පෙනී සිටි ඉද්දමල්ගොඩ මහත්මියගේ වරෙන්තු ආපසු කැදවීමට අධිකරණය තීරණය කළා.

මෙම වරද සම්බන්ධයෙන් වූ චෝදනා පත්‍රය ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු වැඩබලන අධිකරණ භාෂා පරිවර්තක චින්තක උහනෝවිට මහතා විත්තිකාරියට චෝදනා පත්‍රය කියවා දීමෙන් පසු එම චෝදනාවට තමන් වැරදිකරු බවට ඇය අධිකරණය හමුවේ පිළිගෙන තිබෙනවා.

ඒ අනුව, අදාළ චෝදනාවට වරද පිළිගත් චූදිතයාට රුපියල් 15,000ක දඩයක් නියම කිරීමට අධිකරණය තීරණය කළා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments