Saturday, October 25, 2025
Homeweatherජලාශ 15ක වාන් දොරටු විවෘතයි – ජනතාවට අවවාදයක්

ජලාශ 15ක වාන් දොරටු විවෘතයි – ජනතාවට අවවාදයක්

පවතින අධික වර්ෂාපතනය සමඟ විශාල හා කුඩා ජලාශ 15කට ආසන්න ප්‍රමාණයක් වාන් දොරටු විවෘත කර තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, රාජාංගණය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර, ඒ හරහා තත්පරයට ඝන අඩි 5087ක ජල ප්‍රවාහයක් කලා ඔයට මුදා හැරෙන බවයි.

ඒ සමඟම රාජාංගණය, සියඹලන්ගමුව, දැදුරුඔය, බතලගොඩ, හත්වටුනාඔය, යෝධ වැව ආදී ජලාශ ද වාන් දොරටු විවෘත කර ඇති බවද වාර්තා වේ.

අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරියේදී මෙම ජලාශවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බවත්, ඒ නිසා ජලාශ අසල ප්‍රදේශවල ජනතාව සැළකිලිමත් වීමට හා අවශ්‍ය විට අදාළ ප්‍රාදේශීය බලධාරීන්ගේ උපදෙස් පිළිපැදීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවවාද කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments