Friday, January 23, 2026
Homeදේශීයජල ගාස්තු සහ විදුලි ගාස්තු ඉහලට ?

ජල ගාස්තු සහ විදුලි ගාස්තු ඉහලට ?

වර්තමානයේ පවතින ජල ගාස්තු ඉහළ දැමීමට ජල සම්පාදන අමාත්‍යංශය තීරණය කර ඇත. මෙරට විදුලි බිලද මේ සතියේ ඉහළ දැමීමට නියමිත බවයි නිල නොලත් ආරංචි මාර්ග වල සදහන් වන්නේ.

රටේ ජල ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ගාස්තු වැඩි වන ප්‍රතිශතය කැබිනට් මණ්ඩලයෙන් තීරණය කිරීමට නියමිතව ඇත.

මෙරට සමෘද්ධිලාභීන්ට ,කුලී නිවැසියන්ට ආගමික ස්ථාන හා පාසල් ආදි විශේෂිත කාණ්ඩ සඳහා, නිශ්චිත පරිභෝජන සීමාවක් දක්වා සහන සැලසීමට ද අමාත්‍යංශය යෝජනා කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments