ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හි විශ්‍රාමික සාමාන්‍යාධිකාරීවරයෙකු දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර උතුර පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියට අදාළව, සභාපතිවරයාගේ පරිහරණය සඳහා රජයේ වාහන දෙකක් තිබියදී ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් කුලී පදනම මත ලබාගෙන, එම වාහනය භාවිතය තහවුරු කිරීමකින් තොරව රුපියල් 12,750,000ක කුලී මුදලක් ගෙවා රජයට පාඩු සිදු කළ බවට සැකකරුට චෝදනා එල්ල වී ඇත.
ප්‍රසම්පාදන රීති උල්ලංඝනය කර පෞද්ගලික ආයතනයකට කොන්ත්‍රාත්තුව පිරිනැමීම, වාහනය නිසි පරිදි භාර නොගෙන මුදල් ගෙවීම හා සැපයුම්කරුට අයුතු වාසියක් ලබාදීම සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

