Monday, December 22, 2025
Homeදේශපාලනජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් ගැන ඇමතිගේ හෙළිදරව්ව.

ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් ගැන ඇමතිගේ හෙළිදරව්ව.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ විශාල සේවක පිරිසක් දේශපාලන පත්වීම් මත සේවයට බැඳුණු අය බව අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ, සේවකයින්ගෙන් 70%ක් පමණ නුපුහුණු සේවකයින් බවය.

බොහෝ අංශවල සේවක පුරප්පාඩු පවතින බවත් සමහර අංශවල සේවක අතිරික්තයක් පවතින බවත් ඒ මහතා පැවසීය.

මේ තත්ත්වය මත අලුතෙන් සේවකයින් බඳවා ගැනීමට කිසිදු අදහසක් නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වාදුනි.

RELATED ARTICLES

Most Popular

Recent Comments