වැසි රහිත කාලගුණය හේතුවෙන් රුක්මල්ගම නිවාස සංකීර්ණයේ පවුල් 500කට අධික පිරිසක් දින කිහිපයක සිට ජල හිඟයකට මුහුණ දී දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් තාවකාලික ලෙස ජල ටැංකි ස්ථාපිත කර බවුසර් මගින් ජලය සැපයීමට පියවර ගෙන ඇති නමුත්, ඉහළ ඉල්ලුම හේතුවෙන් ජලය කෙටි කාලයකින් අවසන් වන බව ප්රදේශවාසීන් පවසයි.
එමෙන්ම ඇතැම් ටැංකිවලට ජලය පුරවා නොමැති බවද ඔවුන් පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ තාවකාලික විසඳුම් ක්රියාත්මක කර ඇති අතර, ඉදිරියේදී ස්ථිර විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවයි.
වසර ගණනාවකට පෙර නඩත්තු කටයුතු නවතා දැමූ ජල ටැංකි පද්ධතිය හේතුවෙන් මෙම ගැටලුව දිගු කාලයක් තිස්සේ පවතින බවද ප්රදේශවාසීන් කියා සිටී.
ජල හිඟයෙන් රුක්මල්ගම පවුල් 500ක් අසීරුතාවයට

