Tuesday, February 17, 2026
Homeදේශපාලනජවිපෙ අපි කරන කැපකිරීම මාලිමාවට කරන්න බෑ..

ජවිපෙ අපි කරන කැපකිරීම මාලිමාවට කරන්න බෑ..

ජනතා විමුක්ති පෙරමුණේ විනය, සම්ප්‍රදාය සහ සංස්කෘතිය ජාතික ජන බලවේගය තුළ පූර්ණයෙන්ම බලාපොරොත්තු විය නොහැකි බව වතු හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

ස්වර්ණවාහිනී “රතු ඉර” දේශපාලන සංවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණ විසින් නව බලවේග එක් කර ගනිමින් ජාතික ජන බලවේගය ගොඩනඟා ඇති බවයි.

“ජාතික ජන බලවේගය කියන්නේ ජවිපෙ එකක නව නාමයක් නෙවෙයි. ඒකට විවිධ කණ්ඩායම් ආවා. ඒ කණ්ඩායම්වලට ජවිපෙවල ඇති විනයත් සම්ප්‍රදායත් යම් මට්ටමකට එකතු වුණා,” යැයි ඔහු පැවසීය.

නමුත්, ජවිපෙ සාමාජිකයන් කරන කැපකිරීම් මාලිමා කණ්ඩායම්වල සිටින අයට කර ගන්න පහසු නොවන බවත්, ඒ වුණාට ඔවුන් තම හැකියාවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

“අපේ කාලේ කළ කැපකිරීම් ඔයාලට කරන්න අමාරුයි. ඒ වුණාට ඔයාලගේ හැකියාවෙන් දැන් කරන සේවයත් අගය කල යුතු දේක්,” යැයි සමන්ත විද්‍යාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments