Tuesday, October 21, 2025
Homeදේශීයජාතික රෝහලේ මිලියන 2500 ප්‍රතික්‍රීයක අක්‍රමිකතාව විමර්ශනට

ජාතික රෝහලේ මිලියන 2500 ප්‍රතික්‍රීයක අක්‍රමිකතාව විමර්ශනට

ජාතික රෝහලේ මිලියන 2500 ප්‍රතික්‍රීයක අක්‍රමිකතාව විමර්ශනට2022 වසරේ සිට මේ දක්වා කොළඹ ජාතික රෝහලට රසායනික ප්‍රතික්‍රීයක (රසායනික උපකරණ) මිලදී ගැනීමේදී රුපියල් මිලියන 2500 කට ආසන්න මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා චෝදනා කරන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු රජයට සම්බන්ධ ඇතැම් වෘත්තීය සමිති මෙම විමර්ශන යටපත් කිරීමට උත්සාහ දරන බවයි.

ජාතික රෝහලට රසායනික උපකරණ මිලදී ගැනීමේදී එක් සමාගමකින් පමණක් එම උපකරණ මිලදී ගැනීමෙන් සිදුව තිබෙන අක්‍රමිකතා පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස තමා ඇතුළු තවත් සිවිල් සංවිධාන දෙකක නායකයන් අදාළ පැමිණිලි ගොනු කළ බව වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත්  සඳහන් කර තිබුණා

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments