රුපියල් 5,000 දක්වා LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරන සේවා ගාස්තුව (MDR) සම්පූර්ණයෙන්ම ඉවත් කරමින් ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය හෙට (06) ආරම්භ කෙරේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන දියත් වන අතර, කුඩා වෙළෙඳුන්ට අමතර වියදමකින් තොරව ඩිජිටල් ගෙවීම් භාර ගැනීමට අවස්ථාව සැලසීම මෙහි අරමුණයි.
මෙය ශ්‍රී ලංකාව cash-lite ආර්ථිකයක් කරා ගෙන යාමට ගත් වැදගත් පියවරක් ලෙස සලකන අතර, රට තුළ දැනටමත් ශක්තිමත් ඩිජිටල් මූල්‍ය පද්ධතියක් පවතින බවද සඳහන් වෙයි.
QR භාවිතය දිරිමත් කිරීම සඳහා පාරිභෝගිකයන්ට හා වෙළෙඳුන්ට විශේෂ ත්‍යාග දිනුම් ඇදීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක වන අතර, රුපියල් මිලියන 1 දක්වා ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව ලැබේ.
මෙම වැඩසටහන යටතේ දිවයින පුරා විශාල ප්‍රචාරණ ව්‍යාපාරයක්ද ආරම්භ කරමින්, සෑම පුරවැසියෙකුම ඩිජිටල් ආර්ථිකයට ඇතුළත් කිරීම රජයේ අරමුණ වන බවද වාර්තා වෙයි.
ජාතික QR ගෙවීම් ව්‍යාපෘතිය හෙට දියත් වෙයි

