රථ වාහන රාජකාරිවල යෙදෙන පොලිස් නිලධාරීන්ගේ පහසුව තකා සිය නිල ඇඳුමේ පැලඳිය හැකි කැමරා (Body Worn Camera) 5,000ක් මිල දී ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වේ.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම එක් කැමරාවක් සඳහා රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදලක් වැය වන බව ය.
මෙම කැමරා 5,000 චීනයෙන් ඇණවුම් කිරීමට බලාපොරොත්තු වන බව මේ පිළිබඳව කළ විමසීමකදී රථ වාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කළේ ය.
රථ වාහන රාජකාරියේ යෙදෙන ඇතැම් නිලධාරීන්ට විවිධ පුද්ගලයන් විවිධ චෝදනා එල්ලකරන බව ත් නිලධාරීන්ගේ නිල ඇඳුම්වල මෙම කැමරා පැලඳ සිටීමෙන් එම චෝදනාවල සත්‍ය-අසත්‍යතාව තහවුරු කරගත හැකි බව ත් රථවාහන පොලිසිය පවසයි.
මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ අනතුරු අවම කිරීම සඳහා තවත් ලේසර් කිරණ සහිත අධිවේග මාපක සංඛ්‍යාවක් ඉදිරියේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඇණවුම් කිරීමට ද ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වේ.