එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ පෝට් ආර්තර් (Port Arthur) නගරයේ පිහිටි තෙල් පිරිපහදු බලාගාරයක ප්‍රබල පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිපිරීමත් සමඟ අහසට කළු දුමාරයක් විහිදී ගොස් ඇති අතර, පිපිරීමේ ශබ්දයෙන් අවට නිවාස පවා සෙලවී ඇති බව සඳහන් වේ.
ප්‍රාන්ත බලධාරීන් එම ප්‍රදේශයේ ජනතාවට වහාම නිවෙස් තුළට වී ආරක්ෂිතව සිටින ලෙස දැනුම් දී ඇති අතර, විශේෂයෙන් නගරයේ බටහිර ප්‍රදේශයේ පදිංචිකරුවන්ට දොර-ජනෙල් වසාගෙන ඇතුළත රැඳී සිටින ලෙස උපදෙස් ලබා දී තිබේ.
කෙසේවෙතත්, මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීම් වාර්තා වී නොමැති බවද සඳහන් වෙයි.
ඒ අතර, වාතයේ ගුණාත්මකභාවය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසද බලධාරීන් ජනතාවට උපදෙස් ලබා දී ඇති අතර, ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය ද සීමා කර ඇත
ටෙක්සාස්හි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක්

