ටොන් 25,000ක පොහොර රැගත් නැවක් හෙට (05) දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
ගෝලීය තත්ත්වය හේතුවෙන් මතුව ඇති පොහොර ගැටලුව රජය විසින් සාර්ථකව කළමනාකරණය කර ගත හැකි බවද ඔහු සඳහන් කළේය.
රට තුළ මඩ පොහොර සහ බණ්ඩි පොහොර ප්‍රමාණවත් ලෙස පවතින අතර, යුරියා පොහොර සම්බන්ධයෙන් සීමිත ගැටලුවක් ඇති විය හැකි බවද පෙන්වා දුන්නේය.
කෙසේවෙතත්, දැනටමත් ටොන් ලක්ෂයකට ආසන්න යුරියා පොහොර ප්‍රමාණයක් රට තුළ පවතින බවත්, වී වගාව සඳහා අවශ්‍ය ප්‍රමාණයට එය ප්‍රමාණවත් බවත් ඔහු කියා සිටියේය.
අතුරු හා අතිරේක වගා සැලකිල්ලට ගනිමින් තවදුරටත් අවශ්‍යතාවයක් ඇති විය හැකි බැවින්, එය සපුරාලීමට මෙම නව පොහොර නැව ගෙන්වන බවත්, ඉදිරියේදී තවත් පොහොර නැව් ගෙන්වීමට සැලසුම් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ටොන් 25,000ක පොහොර රැගත් නැවක් හෙට දිවයිනට

