පිස්තෝලයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 72ක රැඳවුම් නියෝගයක් ලබාගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශය මගින් සිදුකරන විමර්ශනයකට අදාළව ඊයේ (26) ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම විමර්ශන සිදුකරනු ලබන්නේ 2001 වසරේදී හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික භාවිතය සඳහා යුද හමුදාව විසින් නිකුත් කළ ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමකදී සොයාගත් සිද්ධියකට අදාළවය.
අදාළ ගිනිඅවියේ අංක පරීක්ෂා කිරීමේදී, එය ඩග්ලස් දේවානන්දා මහතා වෙත නිකුත් කළ එකක් බව අනාවරණය වී ඇත.
ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ගිනිඅවිය අස්ථානගත වූ ආකාරය පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් ලබාදීමට ඔහු අපොහොසත් වී ඇති බැවින්, ඒ අනුව හිටපු අමාත්‍යවරයා ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

