Wednesday, March 4, 2026
Homeදේශීයඩග්ලස් දේවානන්දාට නිකුත් කළ අනෙක් ගිනිඅවි පිළිබඳ CID විමර්ශන

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ අනෙක් ගිනිඅවි පිළිබඳ CID විමර්ශන

අත්අඩංගුවට පත්ව සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා වෙත යුද හමුදාව විසින් නිකුත් කර තිබූ තවත් ගිනිඅවි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) නව විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව, දේවානන්දා මහතාට ලබා දී ඇති ගිනිඅවි 19ක් පිළිබඳව මේ වන විට විමර්ශන සිදුකරමින් පවතින බව වාර්තා වෙයි.

හිටපු අමාත්‍යවරයා පසුගිය 26 වැනිදා CID විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික භාවිතය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකඳුරේ මදූෂ් සතුව තිබී සොයාගත් සිද්ධියට අදාළ විමර්ශන හේතුවෙනි.

මදූෂ් සන්තකයේ තිබී හමු වූ එම ගිනිඅවියේ අංක පරීක්ෂා කිරීමේදී, එය දේවානන්දා මහතාට නිකුත් කර තිබූ ගිනිඅවියක් බවට අනාවරණය වී ඇත.

ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අතරතුර, ගිනිඅවිය අස්ථානගත වූ ආකාරය පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් ලබාදීමට අසමත් වීම හේතුවෙන් ඔහු එදින CID විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් දේවානන්දා මහතා පැය 72ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කර ඇති අතර, අද (28) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments