Tuesday, October 21, 2025
Homeදේශීයඩෙංගු අවදානම් දිස්ත්‍රික්ක 11ක් – මරණ 22ක්

ඩෙංගු අවදානම් දිස්ත්‍රික්ක 11ක් – මරණ 22ක්

2025 ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් 20 වන දින දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 40,633ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජාව වෛද්‍ය විශේෂඥ ප්‍රෂීලා සමරවීර මහත්මිය සඳහන් කරයි.

ඇය අද (21) මාධ්‍ය වෙත පැවැසුවේ, වැඩිම රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි.

අවදානමක් සහිත දිස්ත්‍රික්ක 11ක් ලෙස කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, මාතර, යාපනය, මඩකලපුව, කුරුණෑගල, රත්නපුර සහ කෑගල්ල හඳුනාගෙන ඇති බවද ඇය පැවසීය.

ඒ අතර කාලය තුළ මරණ 22ක් වාර්තා වී ඇති අතර, වැඩිම මරණ සිදුවී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බවද වාර්තා වේ.

වෛද්‍යවරිය තවදුරටත් පැවසුවේ, මදුරුවන් බෝවන ස්ථාන ලෙස පාසල්, රජයේ ආයතන, ආගමික ස්ථාන සහ අතහැර දමා ඇති ඉඩම් හා ගොඩනැගිලි හඳුනාගෙන ඇති බවයි.

ඇය මහජනතාවට ඉල්ලා සිටියේ, හැකි පමණින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට, වටපිටාව පිරිසිදුව තබා ගැනීමට සහ දින 2කට අධික උණක් පවතින විට වහාම සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට බවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments