Wednesday, October 23, 2024
Homeදේශීයණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන එකඟතාවක් නැතිව IMF ඉතිරි ණය වාරිකවලට යන්න බෑ

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන එකඟතාවක් නැතිව IMF ඉතිරි ණය වාරිකවලට යන්න බෑ

ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තවම එකඟතාවයක් නොමැති බවත් එසේ එකඟතාවයක් නොමැතිව අයි.එම්.එෆ්. ඉතිරි වාරිකවලට යා නොහැකි බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබෙන කොන්දේසිවලින් ශ්‍රී ලංකාව සම්පූර්ණ කර ඇත්තේ සියයට 28 ත් 30ත් අතර ප්‍රමාණයක් බවත් පළමු කොන්දේසිය වන ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තවම එකඟතාවයක් නොමැති බවත් එම එකඟතාවය නැතුව දෙවන සහ තුන්වන වාරිකවලට යාමට නොහැකි බවත් මන්ත්‍රීවරයා කීවේය.

ඒ පිළිබඳව වහාම එකඟතාවයක් ඇති කර ගත යුතු බවත් සැප්තැම්බර් මාසයේ 27 වැනිදා සිට ණය ගෙවීම ආරම්භ කළ යුතුව තිබෙන බවත් එම ණය නොගෙව්වොත් රට හුදකලා වන බවත් ඒ මහතා කීවේය.

රටේ තත්ත්වය ඉතාමත් නරක තත්ත්වයකට හැරෙමින් ඇති බවත් මේ තත්ත්වය තුළ දිගින් දිගටම රටට ඉදිරියට ගමන් කළ නොහැකි බවත් හෙතෙම කීවේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments