Thursday, October 31, 2024
Homeදේශීය?ණය පිට ණය – ආසියා සංවර්ධන බැංකුවෙන් තවත් ණයක්!! රනිල් රට තවත්...

?ණය පිට ණය – ආසියා සංවර්ධන බැංකුවෙන් තවත් ණයක්!! රනිල් රට තවත් ණය කරයි

ආර්ථික ස්ථායිකරණ හා ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ආසියා සංවර්ධන බැංකුවෙන් ප්‍රතිපත්ති මත පදනම් කරගත් විශේෂිත ණය පහසුකම් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ලැබී ඇතැයි වාර්තා වේ.

ආර්ථික ස්ථායිකරණ හා ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ උප වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 200 බැගින් වූ ප්‍රතිපත්ති පදනම් කර ගත් ණය පහසුකම් දෙකක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ආසියා සංවර්ධන බැංකුව සමග මූලික සාකච්ඡා පවත්වා ඇති බවද මේ අතර වාර්තා වේ.

එකී පළමු උප වැඩසටහන යටතේ අර්බුද කළමනාකරණ රාමුව සහ මූල්‍ය අංශයේ ස්ථායිකරණය වැඩි දියුණු කිරීම සඳහා වන කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අතර දෙවන උප වැඩසටහන යටතේ ඔරොත්තු දෙන සියල්ල ඇතුළත් මූල්‍ය පද්ධතියක් ගොඩනැගීමට යෝජනා කර ඇතැයිද වාර්තා වේ.

පළමු උප වැඩසටහන සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 200 වාර්ෂිකව 2%ක පොලී අනුපාතයක් යටතේ වසර 05ක සහන කාලයක්ද ඇතුළත්ව වසර 25ක් නැවත ගෙවීමේ කාලයක් සහිතව ලබා ගැනීම සඳහා ආසියා සංවර්ධන බැංකුව සමඟ නව ගිවිසුමකට එළඹීම සඳහා මුදල් ආර්ථිකය ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර ඇත

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments