Sunday, November 16, 2025
Homeweatherweatherතද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (16) පස්වරු 12.30ට නිකුත් කළ අවවාදාත්මක නිවේදනයක් අනුව, ඉදිරි පැය 24 තුළ තද වැසි ඇතිවීමේ අවදානම බලපෑම් කරන්නට ඇත.

දිවයිනට ආසන්නව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතී. එම ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, තද වැසි, තාවකාලික තද සුළං, සහ ප්‍රබල අකුණු මඟින් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට ජනාතාව අවශ්‍ය සියලුම පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments