Sunday, February 15, 2026
Homeදේශීයතල්දූව ද්විත්ව ඝාතනයේ සැකකරුවෙකු අත්අඩංගුවට

තල්දූව ද්විත්ව ඝාතනයේ සැකකරුවෙකු අත්අඩංගුවට

අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් හම්බන්තොට කටුවැව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරු විදෙස්ගතව සිටින මන්නා රමේෂ් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු බව අනාවරණය වී ඇත.

අවිස්සාවේල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන 21 හැවිරිදි මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 06ක් ද සොයාගත් බව පොලීසිය පවසයි.

පසුගිය 20 වනදා අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලැබීය.

එම යතුරුපැදියේ පැදිකරු ලෙස මෙම සැකකරු කටයුතු කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments