ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරයේ පිළිමයකට හානි කිරීමක් පිළිබඳ තොරතුරු ලැබුණු වහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා
අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ආරක්ෂාව සඳහා එම පිළිමය එම ස්ථානයෙන් ඉවත් කළ බව කී අමාත්‍යවරයා එම පිළිමය නැවත අද තැන්පත් කරන ලෙස පොලිසියට උපදෙස් දුන් බවද සඳහන් කළේය.
ස්ථානයේ ආරක්ෂාව තහවුරු කර ඇතැයිද ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි. ත්‍රිකුණාමලයේ ආරක්ෂාවට හානිකර තත්වයක් ඇතිවීමට ඉඩ නොදෙන බවද විජේපාල පැවසීය

