තායිලන්තයේ සිට මෙරටට එවා තිබූ පාර්සලයක් තුළ තිබී රුපියල් මිලියන 60කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු මධ්‍ය තැපැල් හුවමාරුවේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රේගු අධ්යක්ෂ සහ රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, සොයාගත් කුෂ් මත්ද්‍රව්‍යයේ බර කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 201ක් බවයි.
විශේෂ පාර්සල් පරීක්ෂාවක් අතරතුර මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සැකකරුවෙකුද මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර, ඔරුගොඩවත්ත රේගු අංගනයේ පරීක්ෂා සඳහා යොදා තිබූ බහාලුමක තිබී නීතිවිරෝධී ලෙස ආනයන කළ කහ තොගයක්ද සොයාගත් බව චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේය.
රේගු නිවාරණ අංශයේ මෙහෙයුම් ශාඛාව විසින් මෙම පරීක්ෂාව සිදුකර ඇති අතර, එම බහාලුම සම්පූර්ණයෙන්ම කහෙන් පමණක් පිරී තිබූ බවද ඔහු පැවසීය. කෙසේවෙතත්, එම කහ තොගයේ වටිනාකම මෙතෙක් ගණනය කර නොමැති බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

