Monday, December 22, 2025
Homeදේශීයතායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇතුන් දෙදෙනා ආපසු ගෙන්වා ගැනීමට එරට රජයේ අවධානය යොමුව තිබේ.

තායිලන්ත මාධ්‍ය වාර්තා කළේ, ඔක්තෝබර් 28 දින මෙම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය.

ඇතුන් දෙදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පෙන්වන අයහපත් සැලකිල්ල හේතුවෙන් තායිලන්ත රජය මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.2023 වසරේදී Plai Sak Surin හෙවත් “මුතුරාජා” නම් ඇතුන් රැගෙන යාමට අනුගමනය කරන ලද ක්‍රියාවලියම, මෙම දෙදෙනා රැගෙන යාමට භාවිත කිරීමට නියමිත බව වාර්තා වේ.

ඇතුන් දෙදෙනා Plai Pratu Pha සහ Plai Srinarong යන නම්වලින් හඳුන්වනු ලබන අතර, එවන්වන් එක් ඇතුන් වයස අවුරුදු 12 වන, 1979 දී තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කරන ලද පළමු පැටවා බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments