Wednesday, March 4, 2026
Homeවිදේශීයතායිලන්තය – කාම්බෝජය සටන් විරාම ගිවිසුමකට අත්සන් කරයි

තායිලන්තය – කාම්බෝජය සටන් විරාම ගිවිසුමකට අත්සන් කරයි

තායිලන්තය සහ කාම්බෝජය අතර සති කිහිපයක් පුරා පැවති දරුණු දේශසීමා ගැටුම් අවසන් කිරීම සඳහා දෙරට අද (27) සටන් විරාම ගිවිසුමකට අත්සන් තබා ඇත.

තායිලන්තය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍ය නතාෆොන් නාර්ක්ෆනිට් මහතාද, කාම්බෝජය වෙනුවෙන් ටී. සෙයිහා මහතාද මෙම ගිවිසුමට අත්සන් කර තිබේ.

ඊට අනුව, දෙරටේ ආරක්ෂක අමාත්‍යවරු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් අද දහවල් සිට සටන් විරාමය ක්‍රියාත්මක වන බව සඳහන් කළහ.

පසුගිය කාලය තුළ දෙරටේ දේශසීමා ප්‍රදේශවල පැවති මෙම දරුණු ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 101කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව දෙපාර්ශ්වයේම මිලියන භාගයකට අධික ජනතාවක් අවතැන් වූ බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments