තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුම අත්සන් කිරීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මැලේසියාවට පැමිණ තිබේ.
විදේශ මාධ්‍ය වාර්තා අනුව, ඔහු මැලේසියාවේ සිටින අතරතුර අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගම (ASEAN) සමුළුවකටද සහභාගී වීමට නියමිතය.
තම Truth Social ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, තායිලන්තය සහ කාම්බෝජය අතර “ඇතිවී ඇති ගැටුම අවසන් කරමින් සාමය ප්‍රවර්ධනය කරන අභිමානවත් ගිවිසුමක්” අත්සන් කිරීමට තමන් පැමිණ ඇති බවයි.
තමන් පැමිණි වහාම සාම ගිවිසුම අත්සන් කිරීමට කටයුතු කරන බවත්, තායිලන්තයේ මව් රැජිනගේ අභාවය පිළිබඳවද කණගාටුව පළ කරන බවත් ඔහු එම සටහනේ වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය ජූලි මාසයේදී නැගෙනහිර තායිලන්තයේ “තා මෝන්තොම්” ආගමික ස්ථානය අසළ දේශසීමා ගැටුමක් හේතුවෙන් තායි හමුදාව සහ කාම්බෝජ හමුදාව අතර වෙඩි හුවමාරුවක් සිදුවිය.
එම ගැටුමෙන් තායිලන්ත සිවිල් වැසියන් දෙදෙනෙකු මියගොස්, හමුදා සාමාජිකයින් දෙදෙනෙකු තුවාල ලැබූ අතර, ගැටුම දිගටම පැවතීමෙන් හමුදා සාමාජිකයින් ඇතුළු 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 100කට අධික පිරිසක් තුවාල ලැබූ බව වාර්තා වේ.
මෙම තත්ත්වය පසුගිය ජූලි මාසයේදී පැවැති සාම සාකච්ඡා මඟින් ශමනය කර ඇති අතර, දෙපාර්ශවයම ක්ෂණික සහ කොන්දේසි රහිත සටන් විරාමයකට එකඟ වී තිබේ.
මෙම සාකච්ඡා මැලේසියාවේදී පැවැති අතර, එයට මැලේසියාවේ අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් මහතාද සහභාගී වී ඇත.
