දකුණු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 251.18ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 85ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා ලබන නොවැම්බර් 8 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (03) අවසර ලබාදී ඇත.
මෙම සැකකරුවන් “සීදේවි” නමැති බහුදින ධීවර යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන දිඕවිට වරායට රැගෙන ආ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දැනුම් දී ඇත.
අදාළ සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ආනයනය හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නඩු පැවරීමට නියමිත අතර, විමර්ශන මෙතෙක් අවසන් නොවීම හේතුවෙන් ඔවුන් රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට ඉල්ලීම අධිකරණය පිළිගෙන ඇත.
මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා විමර්ශනවල ප්‍රගතිය ලබන නොවැම්බර් 8 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කර ඇත.
දකුණු මුහුදේ අල්ලාගත් මත්ද්‍රව්‍ය ජාවාරම් නාවිකයින් හයදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණ අවසර

