වැලිගම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක හිමිකරුවෙකු ඝාතනය කිරීමට උත්සාහ කළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කරන ලද මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ටී-56 වර්ගයේ ගිනිඅවි සහ ඔහු භාවිතා කළ යතුරුපැදිය පොලිස් භාරයට ද ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශනය සිදුකරනු ලබයි.
දකුණේ හෝටල් හිමිකරුවෙකු ඝාතනයට සැකකරු අත්අඩංගුවට

